හංගන්න දෙයක් නෑ.
එන්නත් ගැටලුවක් තියෙනවා – රාජ්‍ය ඇමතිනි සුදර්ශනී

0
458

එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති බවත් එය හැංගිය යුතු කාරණයක් නොවන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

එය අප රටට කිව යුතු යැයි ද ඇය කීවාය.

එවැන්නක් ඇතිවුණේ රජයේ වරදකින් නොවේ යැයි කී රාජ්‍ය ඇමතිවරිය නිෂ්පාදකයන්ට අවශ්‍ය තරම් සැපයුම් දීගැනීමට නොහැකි වීම නිසා මේ තත්වය ඇති වී තිබෙන බවද ප්‍රකාශ කළාය.

ස්පුට්නික් හා ෆයිසර් එන්නත් ගෙන්වීමට රජය කටයුතු කරගෙන යන බවද ඇය පැවසුවාය .

පළමු මාත්‍රාව එක් එන්නතකින් ලබාදී දෙවෙනි මාත්‍රාව වෙනත් එන්නතකින් දීමට හැකියාව ඇත්දැයි පරීක්ෂණ පවත්වාගෙන යන බවත් එම පරීක්ෂණ වාර්තාවල ප්‍රගතිය අනුව එන්නත් “කොක්ටේල් ” එකක් දීමට ඉදිරියේදී හැකිවනු ඇති බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

රාජ්‍ය ඇමතිවරිය මෙසේ පැවසුවේ කොවිඩ් අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කෙරුණු යෝජනාව පිළිබඳ විවාදයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here