හංගේරියානු ආධාර යටතේ තවත් ගුවන් පාලමි හතරක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

0
314

මහාමාර්ග අමාත්‍යවරයා විසින් නව ගුවන් පාලම් 04ක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

හංගේරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් මුල්‍ය සහයෝගිතාව මත නව පාලම් ඉදිකිරීමට නියමිත අතර වාහන තදබදයට විසඳුමක් ලෙස එම පාලම් ඉදිකිරීමට නියමිත බව සදහන් වේ.

ඒ අනුව මෙම නව ගුවන් පාලම් මුත්තොටුගල දුම්රිය හරස් මාර්ගය හා හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධියට ඉදිකිරීමට යෝජනා වී ඇත.

මේ වනවිට කොහුවල හා ගැලඹේ ගුවන් පාලම් හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මුල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා එම රජය අතර ඇති කර ගත් මුල්‍ය සහයෝගිතාවය මත ඉදිකෙරෙමින් පවතින බව වැඩිදුරටත් සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here