හදිසියේ රෝහල් ගත කර අගමැති මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

0
333

අගමැති මහින්ද රාජපක්ෂ පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් ඊයේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලය ට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ මෙහිදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මුඛයේ සුළු සැත්කමක් සිදුකළ බවයි.

එම සැත්කම සඳහා අගමැතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ලෙස දීර්ඝ කලක් කටයුතු කරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තූ ද එක්වී තිබෙනවා.

මේ වන විට එක්සත් රාජධානියේ වාසයකරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තු ශ්‍රී ලංකාවට පැමිණි සිටි අවස්ථාවක මෙම සැත්කම සිදු කිරීමට සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සැත්කමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ කොඳු ඇට පෙළෙහි සිදුකළ සැත්කමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සත්‍යයෙන් තොර බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here