Sunday, January 12, 2025

හදිසි අත්‍යවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණයේ කැඳවීම දීර්ඝ කරයි

කොවිඩ්19 වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි අත්‍යවශ්‍ය නඩු පමණක්, විවෘත අධිකරණයේ කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගෙන තිබූ තීරණය තවදුරටත් දීර්ඝකර තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණයේ කැඳවීම ලබන 03 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා සඳහන් කළේ.

එලෙස විවෘත අධිකරණයේ කැඳවීමට අවශ්‍ය හදිසි හා අත්‍යවශ්‍ය නඩු, අදාළ පාර්ශවකරුවන්ට දැනුම්දීමෙන් පසු සහ මෝසමක් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව කැඳවිය හැකි වනවා.

එම නඩු විභාග දිනපතා පෙරවරු 11.00 ට ආරම්භ කෙරෙනු ඇති.

විනිසුරුවරයාගේ අවසරයකින් තොරව අදාළ නඩුවලට සම්බන්ධ පාර්ශවකරුවන්ට අධිකරණ ශාලාවට ඇතුලු විය නොහැකි අතර සියලූම නීතීඥවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා වැඩිදුරටත් කියාසිටියා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles