හදිසි නීතියෙන් ජනතාව මර්දනය කළොත් උසාවි යනවා

0
334

ආණ්ඩුව හදිසි නීතිය යටතේ ජනතාව මර්දනය කරන රෙගුලාසි ගෙනාවොත් ඊට එරෙහිව අධිකරණයට යන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවක දී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ හදිසි නීතිය යටතේ භාණ්ඩ අත්‍යවශ්‍ය සේවා කළාට ගැටලුවක් නැති නමුත් ජනතාවට බඩු අඩු මිලට සැපයිය යුතු බවයි.

සහල් හැර අනෙක් සියලු ආහාර වර්ග ආනයනය කරන බව කී වික්‍රමසිංහ මහතා එලෙස භාණ්ඩ ගෙන්වන්නට අද ව්‍යාපාරිකයන්ට මුදල් නැතැයි ද සඳහන් කළේය .පෙනෙන්නට තිබෙන එකම දෙය දිනෙන් දින ආර්ථික අර්බුදය උග්‍ර වීම පමණක් බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here