Saturday, December 28, 2024

හදිසි නීති රෙගුලාසි විවාදය අද

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි, අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ විවාදය උදෑසන 10.30 ට ආරම්භ වන අතර, පස්වරු 4.30ට ඒ පිළිබඳ ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතයි.

අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදයේදී ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂය ඊයේ (05) ප්‍රකාශ කළා.

මේ අතර පාරිභෝගික කටයුතු සංශෝධන පනත අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැලසුම් සහගතව ඉහළ දමන සහ පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එම පනත සංශෝධනය කරනු ලබන බවය.

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබේ.

අද දිනයේ දී පාර්ලිමේන්තුවේ සේවකයින් සහ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කරන මාධ්‍යවේදීන් සඳහා ද එම පරීක්ෂණවලට යොමු විය හැකි බව වර්තා වේ.

මේ අතර පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට පමණක් සීමාකර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles