හඳට වැටෙන රොකට්ටුව

0
298

වසර 7 ක් තිස්සේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ඇමෙරිකාවේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් රොකට්ටුවක කොටසක් ලබන මාර්තු හතර වැනිදා සඳ මතුපිටට කඩා වැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසති.

කඩා වැටෙනු ඇත්තේ ‘ෆෝල්කන් 9’ වර්ගයේ රොකට්ටුවක බූස්ටර් කොටසය. මෙම රොකට්ටුව 2015 පෙබරවාරි මාසයේ ෆ්ලොරිඩාවෙන් අභ්‍යවකාශය බලා ගොස් ඇත්තේ, අන්තර් ග්‍රහලෝක රහස් සොයන නිරීක්ෂණ යානායක් අභ්‍යවකාශයේ ඈතට මුදා හැරීමටය. එම මෙහෙයුම සාර්ථක වූ අතර, රොකට්ටුවේ බූස්ටර් කොටස අභ්‍යවකාශ කසළ අතරට එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here