Friday, January 24, 2025

හඳුනාගත් වෙළඳ පොළ ක්ෂේත්‍ර දියුණු කිරීමට කටයුතු කරනවා- රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

ගමේත් නගරයේත් කාටත් යන්න පුලුවන් ලාබෙට බඩු ගන්න පුළුවන් පොදු ස්ථානය තමයි මහජන පොළ. පංතිබේද නැති ජාති බේද නැති ගොවියාත්, වෙළඳ මහතාත්, පාරිභෝගිකයත් එකතුවෙන මහජන පොළ, පහසුකම් සහිත, පිරිසිදු සෞඛ්‍ය ආරක්ෂක ස්ථානයක් බවට පත් කළ යුතු යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අරලගංවිල පොල භූමිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසීය.

අතිගරු ජනාධිපතිතුමා කොළඹ නගරය සංවර්ධනයේදීත් අනෙකුත් නගර සංවර්ධනයේදීත් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කලා. රථ ගාල්, පොදු වැසිකිලි පහසුකම්, ආරක්ෂක වැටවල්,
සහිතව ඉදි කිරීමට අපි කටයුතු කරනවා. සතිපොල, ඉරිදා පොළ, දිනපතා පොළ ආදි ලෙස පොළවල් පැවැත්වෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් මහජන පොළවල් 145 ක් පමණ තිබෙනවා. මේ සියල්ල පිළිබඳව අපි සොයා බැලිය යුතුයි. අපේ ගොවි ජනතාවගේ අස්වැන්න විකුණාගන්න තියෙන හොඳම තැනක් තමයි ඒක. ගමත් නගරයත් සම්බන්ධ වන ස්ථානය ඒක. අපි දන්නවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ හතේ සේවා මධ්‍යස්ථාන 8040 ක් පමණ තිබෙනවා.

ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඇතුලත් තොරතුරු වලට අනුවයි. එසේ ලියාපදිංචි නොවු තව කොපමණ ඇත්ද. ඊට අමතරව මහජන සේවය වෙනුවෙන් සමුපකාර සමිති, සමුපකාර ප්‍රාදේශික, සතොස ආයතන, මිනි කෝප් සිටි, කොප් සිටි, සමුපකාර කිරි නිෂ්පාදකයින්ගේ සමිති ආදී ලෙස සේවා මධ්‍යස්ථාන 155 කට වඩා තිබෙනවා. ඒ සියල්ල මඟින් පරිභෝගිකයාටත්, වෙළෙන්දාටත්, ගොවිමහත්තයාටත් අවශ්‍ය වෙළඳපොළ පහසුකම් ලැබෙනවා. ඉදිරියේදී අවශ්‍යතාවයන් මත හඳුනාගත් වෙළඳ කේෂේත්‍රයන් දියුණු කිරීමට අපි කටයුතු කරනවා යැයිද පැවසීය.

මෙම අවස්ථාවට දිඹුලාගල, ප්‍රදේශීය සභාවේ සභාපති ජයන්ත මාරසිංහ, දිඹුලාගල වැලිකන්ද ප්‍රධාන සංවිධායක ජගත් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles