හම්බන්තොට උද්ඝෝෂකයින් 16 තෙක් රිමාන්ඩ්

0
697
හම්බන්තොට විරෝධතාවයක් අතරතුරදී කලහකාරීව හැසිරීමෙන් පොදු දේපලවලට හානි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 28 දෙනා ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යයාලය ඉදිරිපිට දී පැවැත් වූ උද්ඝෝෂණය අතරතුර කලහකාරී ලෙස ක්‍රියා කළ පුද්ගලයින් 28 දෙනෙකු ඊයේ (06) දින අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
විරෝධතාව අතරතුර හටගත් නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල විකිණීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
ඊයේ පෙරවරුවේ හම්බන්තොට නගරයේ සිට පා ගමනින් ඉන්දීය කොන්සල් කාර්යාලය අසළට පැමිණි විරෝධතාකරුවන් විසුරුවා හැරීම හා පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here