හම්බන්තොට උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

0
587
මාගම්පුර වරාය මත්තල ගුවන්තුටුපළ විදේශ රටවලට පැවරීමට එරෙහිව හෙට(6) දිනයේදී සිදු කිරීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් හමිබන්තොට පොලීසිය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝගයක් ලබාගෙන තිබේ.
ඒ අනූව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා ඇතුළු රැස්වීමට සහභාගී වූ සියළු දෙනාට  අධිකරණ බල සීමාව තුළ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම ,ඉන්දීය තානාපති කාර්යාලය,මාගම්පුර වරාය හා ප්‍රවිශ්ඨ මාර්ගය අවහිර වන ආකාරට උද්ඝෝෂණය කිරීමද කිසිදු දේපළකට අලාභයක් සිදු කිරීමෙන් වළකින ලෙසද දන්වා නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here