හම්බන්තොට උද්ඝෝෂණයට එල්ල කළ ජල ප්‍රහාරයේ විෂ රසායනික ද්‍රව්‍යයක්

0
721
හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට එල්ල කළ ජල ප්‍රහාරයේ ජලය සඳහා විෂ රසායනික ද්‍රව්‍යයක් එක් කර ඇති බවට දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා පවසයි.
අද(10) දකුණු පළාත් සභාව රැස්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
රාජ්‍ය සම්පත් විකිණීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය පසුගිය සිකුරාදා හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළේය.
මෙම ජල ප්‍රහාරයට ලක්වූ උද්ඝෝෂකයින් බොහෝ පිරිසක් විවිධ රෝගාබාධවලට ලක්ව ඇති බව සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here