හම්බන්තොට නගරාධිපති එරාජ් අත්අඩංගුවට ගත්ත ගමන් ඇප දීලා ගෙදර යවයි.

0
341

ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියකට අදාළව ට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද (2021 Sep 19) පොලිස් ඇප මත මුදා හැරි බව බම්බලපිටිය පොලීසිය පවසයි.

බම්බලපිටිය – කොතලාවල ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂාවට සිටි පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට ඔහු අත්අඩංගුවට පත්ව තිබුණි.
නගරාධිපති සිය මෝටර් රථයෙන් තනිවම එම ස්ථානයට පැමිණ මෙම පහරදීම සිදුකර ඇත්තේ පසුගිය 14 වනදා රාත්‍රියේයි.සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ ඉඩමේ ආරක්ෂාවට සිටි පුද්ගලයින් දෙදෙනා බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබු අතර එක් අයෙකුගේ දත් කැඩීයාම නිසා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.පහරදීමේ සිදුවීම සිදුවී දින 4 ක් යනතුරු පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්නට අසමත්වූ අතර අද ඔහුම පොලිසියට පැමිණ අත්අඩංගුව ලබා පැය දෙකකින් ඇප ලබා පිටව ගියේය.

සිය මෝටර් රථයෙන් තනිවම එම ස්ථානයට ගොස් ඇති එරාජ් ප්‍රනාන්දු මහතා මෙම පහරදීම කර ඇතැයි පැවසෙන්නේ (14) රාත්‍රීයේ දී ය.

මීට පෙර හම්බන්තොට මහාධිකරණය විසින් වසර 5 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරනු ලැබු හම්බන්තොට නගරාධිපති අභියාචනයක් සළකා බැලීමෙන් අනතුරුව කෙටි කලකින් ඇප මත නිදහස් වූ අතරම අද දින පැය දෙකක් වැනි කෙටි කාලයකින් මෙම චෝදනාවෙන්ද ඇප ලබාගැනීමට වාසනාවන්තයෙකු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here