හම්බන්තොට වරාය නැව් වලින් පුරවන්න අගමැති සූදානම්..

0
347

ලෝකයේ විශාලතම පිහිනුම් තටාකය නැව්වලින් පිරවීමේ වගකීම තමන්ට භාරදී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසයි.

බදුල්ලේ පැවති සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානා ගෙන්වීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එක්සත් ජාතික පක්‍ෂයට සාමාජිකයින් බඳවා ගැනීමේ බදුල්ල දිස්ති‍්‍රක් වැඩසටහන පෙරවරුවේ පැවැත්වුණා. ඉදිරියට යන්න හිතන අය එන්න තේමාව යටතේ විද්‍යුත් සාමාජික හැඳුනුම්පත් ලබාදීම එහිදී සිදුවුණා. උත්සවයට එක්වූ අග‍්‍රාමාත්‍යවරයා බදුල්ල නගරයේ සංචාරය කරමින් පාක්‍ෂිකයින් හමුවීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here