Monday, December 23, 2024

හම්බන්තොට වෛද්‍යවරු හෝටලයක යකා නටති

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් වෛද්‍යවරු පිරිසක් තිස්සමහාරාම, අකුරුගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී සාදයක් පවත්වන අතරතුර එම හෝටල් සේවකයන්ට පහරදී හානි සිදු කිරීම ගැන ‍පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පසුගිය 10දා රාත්‍රී මෙම අරගලය සිදු වී ඇත. එදින රාත්‍රී පැවැති සාදයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරු තිස් පහකට අධික පිරිසක් සහභාගි වී ඇත. සාදය පැවැත්වෙද්දී හෝටල් සේවකයකුගේ වීඩියෝ දුරකථන ඇමැතුමක් පිළිබඳව හටගත් කතිකාවක් දුරදිග යාමෙන් වෛද්‍යවරුන් විසින් එම සේවකයාට පහර දී ඇත. ඒ වන විට බිමත්ව සිටි වෛද්‍යවරු එම හෝටලයේ අනිකුත් සේවකයන්ටද පහරදෙමින් ජනෙල් වීදුරු බිඳිමින් යකා නටන්නට වූ බව හෝටල් සේවකයෝ පවසති. මෙහිදී තුවාල ලැබූ සේවකයන් තිදෙනෙක් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර ලුණුගම්වෙහෙර ‍පොලීසියට පැමිණිලි කර ඇත.
මධ්‍යම රාත්‍රියේ සිදු වී ඇති මෙම අරගලය අවස්ථාවේ එම සංචාරක හෝටලයේ හිමිකරු එහි නොසිටි බවත් වාර්තා වෙයි. මෙම පහරදීම සහ අලාභ හානි පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යන බව තිස්සමහාරාම ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක බස්නායක මහතා පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles