හමුදාවේ 28 ක් ජාත්‍යන්තර අධිකරණයට යොමුකරන වාර්තාව අද ජිනීවා සමුළුවට

0
422

හමුදා නිලධාරීන් 28 ක් ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ අද (24 දා* සිය වාර්තාව මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරයි.
 
 මෙම වාර්තාව ප‍්‍රතික්‍ෂේප කර රජය පිටු 30 ක ලියවිල්ලක් ඇය වෙත යවමින් එම වාර්තාව සාවi තොරතුරු මත පදනම්ව ඇතැයි දක්වා ඇත.
 
 මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ කරුණු 2 ක් පමණක් මානව හිමිකම්වලට සම්බන්ධ බවත් ඉතිරි සියලූ කරුණු දේශපාලන කරුණු බවත් රජය එම ලියවිල්ලෙන් ඇයට චෝදනා එල්ල කර තිබේ.
 
 වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වී ඇති අවස්ථාවේ රාජ්‍ය නොවන සංවිධාන 22 ක් මානව හිමිකම් කවුන්සලයේ රටවල් 47 ට හදිසි සංදේශයක් යවමින් ශී‍්‍ර ලංකාව අන්තර්ජාතික අධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලා ඇත.
 
 විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මෙහෙයවන පාක්‍යසෝති සවරිමුත්තු සහ නිමල්කා ප‍්‍රනාන්දු එම ඉල්ලීමට සහය දක්වා තිබේ. divaina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here