හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර සැත්කමකට බඳුන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඇතිවූ සංකූලතා මත ඊයේ නැවත රෝහල් ගත කර තිබේ.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මීට මාස කිහිපයකට පෙර ඔහුට හෘදය ආශ්‍රිතව සැත්කමක් සිදු කළ අතර පසුව ටික කලක් විවේකයෙන් පසුවිය.
නමුත් අසනීප තත්ත්වය උත්සන්නවී ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට පෙරේදා ඇතුළු කරන ලද බවද වැඩිදුර වාර්තාවේ. නමුත් මේ වනවිට ඔහුගේ තත්වය යහපත් බවත් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන ලද බවත් රෝහල් ආරංචි වාර්තා කර තිබේ.
මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඇති හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එහිදී කරන ලද පරීක්ෂණ කීපයකින් අනතුරුව හෙළි දරවු වී ඇත්තේ මිට මාස කීපයකට පෙර සිදුකළ හදවත් සැත්කමෙන් පසු ඇති වූ සංකූලතාවයක් නිසා මෙම රොගී තත්වය ඇති වී තිබෙන බව.
වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඔහුට නැවත ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බවයි.
පසුගිය අප්‍රේල් මාසයේ දී හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ සහ ඔහුගේ වෛද්‍ය කණ්ඩායම විසින් කොළඹ දී හරීන් ප්‍රනාන්දුව සංකීර්ණ හෘද සැත්කමකට ලක් කළේය.