හරියට කරනවා නම් ඕන සහයක් දෙන්න සූදානම්

0
303

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට හරියට ක්‍රියා කරනවා නම් ඕනෑම සහයක් ලබාදීමට විපක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය .

“ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වී ඔවුන් සමග සාකච්ඡා කර අර්බුදයට මුහුණ දෙන ලෙස අප දිගින් දිගටම කිව්වා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටේ ස්වෛරී බවට හානි වන කිසිම කොන්දේසියක් දමන්නේ නැහැ.මූල්‍ය විනය ලබා ගැනීම සහ රාජ්‍ය මූල්‍ය විනය තබාගැනීම පමණක් මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙනවා .මේ කටයුතු හරියට කරනවා නම් විපක්ෂය සම්පූර්ණයෙන් සහය දෙනවා.ඊට   ආණ්ඩුව සමග සාකච්ඡා කරන්න සූදානම් යනුවෙන්ද හර්ෂ ද සිල්වා මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here