Thursday, December 26, 2024

හරීන්ගෙන් නැන්දම්මාට තෑග්ගක්

හෘද  සැත්කමක් සදහා අද දින මුහුණ දීමට සිටි  හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා  සිය නැන්දම්මා වන  සුසිලා ඩයස් මහත්මිය  සමගි ජන බලවේගයේ   බදුල්ල ආසන සංවිධායකවරිය ලෙස පත් කර ඇත 

ඔහුගේ බදුල්ලේ දේශපාලන ආගමනයට හේතු වුයේ  සුසිලා ඩයස් මහත්මිය ගේත් බදුල්ල හිටපු  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වින්සන් ඩයස් මහතාගේත් දියණිය සමග සිදු කළ විවාහයයි.


කෙසේ වෙතත් මෙම පත් කිරීම සජබ  ජේෂ්ඨයන් ගේ අප්‍රසාදයට හේතු වී ඇත . බදුල්ලේ සජබ නායකයින් කලක සිට හරින් ප්‍රනාන්දුගේ ක්‍රියා පිලිඹද පසු වන්නේ අමනාපයෙනි. 

මේ දෙපලගේ දියණියක හා විවාහ වීම නිසයි උපන් ගම වත්තල වූ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බදුල්ලේ දේශපාලනයට ගියේ.

දැන් යළිත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායකවරයා ලෙස පැමිණ සිටිනවා.

එහෙත් ඔහුට බදුල්ල ආසනය එම දිස්ත්‍රික්කයේ වැඩ කටයුතුවලටත් අත ගැසීමේ අවශ්‍යතාවයක් තිබෙන බව ප්‍රකට කරුණක්.

පසුගිය මහ මැතිවරණයේදීද එම මැතිවරණයට තරඟ නොකළත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වල නියැලුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles