මේ දිනවල අප රටේ කා අතරත් කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත්තේ මැති ඇමතිවරුන් මිලදීගන්නට යන වාහන වල මිල ගණන් සම්බන්ධවයි. ඒ සඳහා කෝටි 117ක මුදලක් වැය වන බවට පැවසෙන අතර විශාල මුදලක් වියදම් කර මේවා මිලදී ගැනීමට යාම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් විරෝධය පළකර තිබෙනවා.
මේ අතර අමාත්‍යවරුන් හා නි. අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා, පාලිත තේවරප්පෙරුම මෙන්ම රන්ජන් රාමනායක ඔවුන්ගේ වාහන ලබා නොගන්නා බවට ෆේස්බුක් ඔස්සේ පවසා තිබුණා.
මේ අතර ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දු මහතාද ඔහුගේ ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළකර පවසා ඇත්තේ තමන් වාහනයක් මිලදී ගන්නට යනවායැයි ඔප්පු කළහොත් තමන් ඇමතිධූරයෙන් ඉවත් වීමට සූදානම් බවයි.