උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන් තනතුරු අතහැර හෝ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීමට සූදානම් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන ප්‍රදේශයේ අයෙකු ලෙස තමාට එම ව්‍යපෘතිය සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම ඉටු කර ඇති බව ඔහු සඳහන් කළේය.
අවශ්‍ය විටෙක තනතුරු අත්හරිමින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීමට ද සූදානම් බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.