හරීන් ප‍්‍රනාන්දු ඇමති ධුරයෙන් ඉවතට.. ටෙලිකොම් ලොක්කාත් ඉල්ලා අස්වෙයි

0
520

ඉදිරි කාල සීමාවේදී තමනට ජනතාවට වැඩක් කළ හැකි අමාත්‍යාංශයක් ලැබෙන නිසා තම පාක්‍ෂිකයන් කලබල විය යුතු නැතැයි හරීන් ප්‍රනාන්දු විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා සදහන් කරයි.

පළාත් පාලන මැතිවණයේ බදුල්ල මහනගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව, ලුණුගල ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් නාමයෝජනා බාරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර මාධ්‍ය වාර්තා පලවන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම්හි ප්‍රධාන විධායක නිලධාරීවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

මීට හේතුව යයි සදහන් වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම්හි මෙම වසරේ ලාබ අඩු වීම ගැන එහි ඉහල බලධරයෙක් සමග සිදුව ඇති වචන හුවමාරුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here