Saturday, January 11, 2025

හලාවත මහ රෝහලේ හෙද වර්ජනයක්

හලාවත මහා රෝහලේ හෙද හෙදියන් විසින් අද (27) පෙරවරුවේ සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර සදහා පැමිණ සිටි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්වී සිටියේය. ඉල්ලීම් 04 ක් මුල් කර ගනිමින් හලාවත මහ රෝහලේ හෙද හෙදියන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.
හලාවත මහා රෝහලේ සේවය කරන අධ්‍යක්ෂිකාව විසින් සිදු කරන බව කියන අත්තනෝමතික ක්‍රියාවන් නතර කිරීම, හලාවත මහා රෝහලේ වාට්ටුවක් තුළදී ගැටුමක් ඇති කර ගත් හෙද පාලිකාවන් දෙදෙනාගෙන් දැනට සේවය අත්හිටුවා ඇති හෙද පාලිකාව නැවත සේවයේ පිහිටුවීම, එම ගැටුම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සහ රෝහලේ පවතින උග්‍ර හෙද හිගයට පිළියම් ලබා ගැනීම එම ඉල්ලීම් වේ.
ශල්‍යාගාරය, සූතිකාගාරය, ළමා ඒකකය, ප්‍රාථමික සත්කාර ඒකකය සහ දැඩි සත්කාර ඒකකය හැර සෙසු සියළුම කටයුතු වලින් තමන් ඉවත් වී සිටින බව වර්ජනයට එක්වී සිටින හෙද හෙදියන් කියා සිටිති.
නමුත් වාට්ටු 03 ක හැර රෝහලේ සෙසු කටයුතු සාමාන්‍ය ආකාරයට සිදු වන බව අප කළ විමසුමකදී හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ මහත්මිය පැවසුවාය. හලාවත මහා රෝහලේ හෙද හෙදියන් 235 දෙනෙකු සේවය කරන බවත්, ඉන් අද (27) පෙරවරු සේවා මුරය සදහා හෙද හෙදියන් 30 දෙනෙකු වාර්තා කර ඇති බවද ඇය කියා සිටියාය. වාට්ටු 03 ක පමණක් ගැටළු ඇති වී ඇති නමුත් සේවයට වාර්තා කර ඇති හෙද හෙදියන් යොදා ගෙන එම වාට්ටු වල කටයුතුද සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් කියා සිටියාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles