හෂාන් බංගලි කතුන් සමඟ යයි!

0
645

බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා පත්කර තිබේ.

හෂාන් තිලකරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

තිලකරත්න මහතා ලබන සඳුදා (31 වැනිදා) පුහුණුකරු ධූරය භාරගැනීම සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.

හෂාන් තිලකරත්න මහතාගෙන් නව පත්වීම පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ධූරය සිය ක්‍රිකට් පුහුණුකරු ජීවිතයේ විශේෂ අවස්ථාවක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here