Sunday, September 22, 2024

හැටන්හීදි බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

සලංකන්ද සිට හැටන් දක්වා ධාවනය වූ බස් රථයක් අද (28) උදෑසන ප්‍රපාතයකට පෙරළී ඇති බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ සලංකන්ද ප්‍රදේශයේ සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයකි.

අධික වේගයෙන් ධාවනය වූ බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව අඩි 75ක පමණ ප්‍රපාතයෙන් පිහිටි ඇළ මාර්ගයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇත.

අද උදෑසන 08.30 ට පමණ එම මාර්ගයේ බටර්ගල වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර බස් රියේ ගමන්ගත් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

හැටන් දික්ඔය සලංකන්ද මාර්ගයේ ධාවනය වූ මෙම බසය එහි රියැදුරට පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට පෙරලි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකකරයි.

බස් රථයේ රියදුරා අතුරුදහන් වි ඇති බවත්, රෝහල්ගත කල අයගේ තත්ත්වය තරමක් බරපතල බවත් හැටන් පොලිසිය කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles