හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා

0
356

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තද වැසි අද හැලීම නිසා ස්ථාන කිහිපයකම පස් කඳු සහ ගස් කඩා වැටිමෙන් ගමනා ගමනයට බාධා ඇතිව තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (26) දින පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හැටන් කොළඹ A 07 ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින්ම ප්‍රධාන මාර්ගය ගස් සහ පස් කඳු වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට තරමක බාධා පැමිණ ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here