හැමෝම කැමති නම් ගම්මන්පිල තෙල් කණී

0
313

මන්නාරම තෙල් ළිං කැණීමේ ව්‍යාපෘතිය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්‍ෂවල පොදු එකඟතාව මත ක‍්‍රියාත්මක කිරීමට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා තීරණය කර ඇත.

ඒ අනුව මේ පිළිබඳව ඇමැතිවරයා හා අමාත්‍යාංශ නිලධාරීන් සියලූ පක්ෂ සමග සාකච්ඡා කිරීමට නියමිතය. මෙම සාකච්ඡාවන් සඳහා දින ලබාදෙන ලෙස අමාත්‍යාංශය විසින් සියලූ පක්ෂවලින් ඉල්ලීමක් කර ඇත.

තෙල් ළිං කැණීමේ කටයුතු ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන පරිදි නිවැරැදි හා වඩාත් රටට වාසිදායදක අයුරින් ක‍්‍රියාත්මක කිරීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ. මේ අතර තෙල් ළිං කැණීමේ ව්‍යාපෘතියේ මූලික නෛතික රාමුව සකස්කර ගැනීම සඳහා ආණ්ඩුව ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතය.

ඉරිදා දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here