හෑන්ඩ් සැනිටයිසර් පානය කර ඉරාන රැඳවියන් දෙදෙනෙකු මරුට – තවත් 10 ක් රෝහලේ

0
300

මත්ද්‍රව්‍ය චෝදනා මත වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතික රැඳවියන් දෙදෙනෙකු දෑත් පිරිසිදු කාරක හෙවත් හෑන්ඩ් සැනිටයිසර් පානය කිරීමෙන් මියගොස් තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කලේ එලෙස හෑන්ඩ් සැනිටයිසර් පානය කළ තවත් ඉරාන ජාතික රැඳවියන් 10 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බවයි.

මෙම සිරකරුවන් සඳහා මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසින් ලබාදුන් දෑත් පිරිසිදු කාරක මෙලෙස පානය කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here