හිටපු අමාත්‍ය මෙන්ම නීතිඥ පවිත්‍රා වන්නිආරච්චිට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල අද තරයේ අවවාද කළා.
ඒ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අවස්ථාවේදී නීතිඥවරයෙකුට ඇගිල්ලෙන් ඇන උපදෙස් ලබාදෙන ආකාරය විනිසුරුවරිය දැකීමත් සමඟයි.
බත්තරමුල්ල සුභූතිපුර සුඛෝපභෝගි නිවසක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ බවට පවසමින් මන්ත්‍රීවරිය විසින් ප්‍රසන්න ගාර්දි පුංචිහේවා නැමැති අයට විරුද්ධව ගොනු කර තිබූ පැමිණිල්ල අද කැදවනු ලැබුවා.
පැමිණිල්ල විභාග වන අතරතුර මන්ත්‍රීවරිය විසින් නීතිඥවරයෙකුට ඇගිල්ලෙන් ඇන උපදෙස් දෙන ආකාරය විනිසුරුවරිය දැක තිබෙනවා.
එහිදී විනිසුරු අරුණි ආටිගල මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්ණ කර සිටියේ නීතිඥවරියක ලෙස අධිකරණයේ හැසිරෙන ආකාරය පිළිබඳව නොදන්නේ ද යන්නයි.
මෙසේ උපදෙස් දීමට අවශ්‍ය නම් අධිකරණයෙන් පිටතට ගොස් එම කටයුත්ත සිදු කරන ලෙස ද ඇය මෙහිදී මන්ත්‍රීවරියට දැනුම් දුන්නා.