හිටපු ඇමැතිවරු නිල නිවාසවල බින්න බැහැලා

0
678

ඉකුත් ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන්ගෙන් දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස මෙතෙක් ආපසු බාරදී නැතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු කැබිනට් ඇමැතිවරුන් ,කැබිනට් නොවන ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් යන කිසිවකුත් සිය නිල නිවාස ආපසු බාර දී නැති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මාධ්‍යයට පැවසීය.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීම හේතුවෙන් එතෙක් පැවති කැබිනට් මණ්ඩලය අහෝසි විය.

ඒ අනුව වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අතර නව ඇමැති මණ්ඩලයක්ද පත් කරනු ලැබීය.

හිටපු අමාත්‍යවරුන් නිල නිවාස ආපසු බාර නොදීම හේතුවෙන් අලුතින් පත්වූ ඇමැතිවරුන්ට නිල නිවාස ලබා දීමට නොහැකි වී ඇති බව නිලධාරියා කීවේය.

මේ අතර හිටපු ඇමැතිවරුන් බොහෝ දෙනෙකු සිය නිල වාහනද මෙතෙක් බාර දී නැති බව වාර්තා වේ.

නිල නිවාස භාරදුන් ඇමැතිවරු දෙදෙනා වන්නේ පාඨලි චම්පික රණවක මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here