හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරවරියට අලුත් තනතුරක්

0
345

හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ජීවන් ත්‍යාගරාජන් එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් අදාළ පුරප්පාඩුව සඳහායි.

මෙලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා අස් වූ ජීවන් ත්‍යාගරාජන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණා.

මෙතෙක් උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ  පී එස් එම් චාර්ල්ස් මැතිවරණ කොමිෂමට පත් කෙරෙන්නේ ඒ අනුවයි.

පී.එස්.එම් චාර්ල්ස් මීට පෙර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස හා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසත් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව සුන්දරම් අරුමයිනායහම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමටත් කතාතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වැනි දා රැස් වූ පාර්ලිමේන්තු සභාවේ එකඟතාව පළ වී ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here