හිටපු ඌව පළාත් ඇමති ගුරුවරියක දණගැස්වූ සිද්ධියේ නඩුව සමථයෙන් අවසන් කරයි

0
321

හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් විදුහල්පතිනියක දණගස්වනු ලැබීමේ සිද්ධියට අදාළව විභාග වූ නඩුව සමථයකට පත් කර අවසන් කර ඇත.

ඊයේ (11) දින සමථ මණ්ඩලයේදී දෙපාර්ශවය සමථයකට පත් වීමෙන් මෙලෙස නඩුව අවසන් කර ඇති බව වාර්තා වෙයි.

සිද්ධියට මුහුණ පෑ බදුල්ල දෙමළ මහ විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රගුනාදන් මහත්මිය විසින් බදුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව ගොනු කර තිබූ අතර නීතිපති උපදෙස් අනුව එය සමථ මණ්ඩලයට යොමු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here