Saturday, September 21, 2024

හිටපු ජනපතිනියගෙන් විභාග දෙපාර්තමේන්තුවට චෝදනා..

විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ ක්‍රියාවලියේ දැවැන්ත වංචාවන් සිදු වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය පෙන්වාදෙන්නේ එමගින් රටේ අධ්‍යාපනය බිදවැටී ඇති බවයි.

නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරිය මේ බව පැවසුවාය.

එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළේ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයාට ඇතැම් විට තමන් බලෙන්ම උපදෙස් ලබා දෙන බවයි.

තරුණ ඇමතිවරයෙකු ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග අගය කරන බවත්, අධ්‍යාපනය දියුණු කිරීම සඳහා තමන්ද යම් යම් උපදෙස් ලබාදෙන බවත්, ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles