හිටපු ජනපතිට අමාරුයි -ප්‍රතිකාර සදහා සිංගප්පුරුවට

0
331
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (13) සවස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඒ විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහායි.
සිංගප්පූරුවේ ප්‍රකට මවුන්ට් එළිසබෙත් රෝහලේදී මෙම වෛද්‍ය පරීක්ෂණ කටයුතු පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. හෙට දිනයේදී හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණය සඳහා මුහුණදීමට නියමිතය.
වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයේ පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහාද රාජපක්ෂ සහභාගි වීමට නියමිතය. ඒ සඳහා එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගි වන බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපතිවරයා ලබන බ්‍රහස්පතින්දා දක්වා එරට රැඳී සිටී. රාජපක්ෂ මහතා සමග ඔහුගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සහ පෞද්ගලික ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here