Saturday, September 21, 2024

හිටපු ජනාධිපතිවරැන්ට විශ්‍රාම වැටුප් අහිමි වෙයි

ජනාධිපතිවරයකුට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට විශ‍්‍රාම වැටුප් හිමිවීම සඳහා වසර දහයක කාලයක් එම ධුරය දැරිය යුතු බවට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පසුගිය 12දා 2022 වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළේය. දැනට වසර 05 ක් සිය ධුරය දැරීම විශ‍්‍රාම වැටුප් ලැබීම සඳහා සුදුසුකම වේ.

මෙම යෝජනාවට අනුව තම පක්‍ෂයේ ජනාධිපතිවරුන් දෙදෙනකුට විශ‍්‍රාම වැටුප් අහිමි වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ, මෛත‍්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට සහ දිවංගත ආර්. පේ‍්‍රමදාස මහතාගේ බිරිඳ වන හේමා පේ‍්‍රමදාස මහත්මියටද විශ‍්‍රාම වැටුප් අහිමි වීමේ අවිනිශ්චිත බවක් පවතී.

දිවයින ඉරිදා සංග්‍රහය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles