හිටපු පොලිස්පතිට එරෙහිව සාක්ෂි දෙන්න වත්මන් පොලිස්පතිට සිතාසි නිකුත් කරයි

0
401

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබි තිබියදි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත අද (26) සිතාසි නිකුත් කළා.

ඒ එම නඩුව අද (26) කොළඹ මහාධිකරණයේදී නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර සිටින වත්මන් පොලිස්පතිවරයාට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වත්මන් පොලිස්පති සි. ඩී වික්‍රමරත්න මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here