හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ ඇප නියෝගය අත්හිටුවයි…

0
661

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබූ අතර නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත්
කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසු මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ,තිළිණ ගමගේ මහතාගේ ඇප නියෝගය අත්හිටුවා තිබුණා.

එම නියෝගය නීති විරෝධී බව පවසමින් නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එය සැළකිල්ලට ගනිමින් අදාළ ඇප නියෝගය අත්හිටවු මහාධිකරණය එම නඩුවට අදාළ මුල් ලිපිගොනුව මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here