හිටපු හමුදාපති – වත්මන් යුද හමුදාපති හමුවෙයි

0
301

ආරක්ෂකක සේනා මූලස්ථානය – වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර්​ පණ්ඩුක පෙරේරා මහතා කොවිඩ් රෝගීවී ඇති වූ සංකූලතාවයක් පසුගියදා අභාවප්‍රාප්ත වු අතර ඔහුගේ අවසන් කටයුතු කඩවත, ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරුණා.

එම අවස්ථාවට සහභාගි වු හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගි වී සිටියා.

එහිදී ඔවුන් දෙදෙනා එකිනෙකාට ආචාර කරගත් අයුරු දක්නට ලැබුණා.

විශේෂයෙන්ම හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් දක්ෂතාවය අනුව යුද හමුදාව ප්‍රතිසංවිධානය කරන විට නිලයට පහලින් හිටියත් දක්ෂතාවයන් අනුව ඉතා ඉහලින්ම සිටි දක්ෂ සොල්දාදුවන්ට වගකීම් ලබා දී මානුෂිය මෙහෙයුම අවසන් කිරීමට ඉතා වෙහෙසක් ගත්තේය.

එහිදී ශවේන්ද්‍ර සිල්වා වැන්නවුන්ට නිසි තැන ලැබුනි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව ඇතැමුන් හඳුන්වන්නේ, හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ හොඳම ගෝලයෙක් ලෙසටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here