Sunday, September 22, 2024

හිතූ හිතු ගණන්වලට දෙන්න වතුර බෝතල්වල පාලන මිලත් ඉවත් කරයි.

පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

හදිසි ගැසට් පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය මිල පාලනය ඉවත් කර ඇත.

එම අධිකාරිය සඳහන් කළේ, පානීය ජල බෝතල් නිෂ්පාදකයින් විසින් කරන ලද ඉල්ලීම් කිහිපයක් සලකා බලා මෙම පියවර ගත් බව ය.

ජල බෝතල් ඇසුරුම් කිරීමට භාවිත කරන ප්ලාස්ටික් ඇතුළු අමුද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් තමන්ට පාඩු විදීමට සිදුව ඇති බවට ඔවුන් පෙන්වා දුන් බව අධිකාරිය ප්‍රකාශ කළේ ය.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් තම ආයතනය පනවා තිබූ පාලන මිල ගණන් කිසිවක් ක්‍රියාත්මක නොවන බව ය.

ඒ අනුව දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles