Saturday, September 21, 2024

හිත රිදුණු හේෂාගේ මූණේ මල් පිපෙයි !

පක්‍ෂයේ තනතුරුවලින් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා සමගි ජනබලවේගය නායක විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ඊයේ (29 දා) හමුවී විශේෂ සාකච්ඡුාවක නිරත වී ඇත.
ඒ අනුව එම සාකච්ඡාවේදී තමන්ට තිබූ ප‍්‍රධාන ගැටලූ දෙකක් ඇතුළු අනෙකුත් සියලූ කරුණු සම්බන්ධයෙන් විසඳුම් ලැබුණු බව හේෂා විතානගේ මන්ත‍්‍රීවරයා පැවසීය.


කොළඹ මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ පැය දෙකක පමණ කාලයක් අදාළ සාකච්ඡාව පවත්වා ඇති අතර, මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සහභාගි වී නැත.


ඒ අනුව තමන් විසින් සමගි ජනබලවේගයට ගෙන එනු ලැබූ හිටපු ඇමැති ජයතිස්ස රණවීර මහතාට රක්වාන ආසන සංවිධායක ධුරය ලබාදීම මෙන්ම පක්‍ෂයට තරුණ තරුණියන් සම්බන්ධ කිරීමට තමන් ගනු ලබන ක‍්‍රියාමාර්ගවලට ද සහයෝගය ලබා දීමට පක්‍ෂ නායක සහ මහලේකම්වරයාගේ කැමැත්ත පලකළ බව ද විතානගේ මන්ත‍්‍රීවරයා පැවසීය.


පැය දෙකක් පමණ අදාළ සාකච්ඡුාව පැවැති බවත් තමන්ගේ ප‍්‍රධානත්වයෙන් ඇති සමගි විහිදුම් බළකායේ කටයුතු අඛණ්ඩව කරගෙන යෑමට අවස්ථාව හිමි වූ බව ද හෙතෙම කීය.


ඒ අනුව තමන් පක්‍ෂයට තරුණ තරුණියන් බඳවා ගැනීමට ගනු ලබන ක‍්‍රියාමාර්ගවලට ජ්‍යෙෂ්ඨයන්ගේ බාධාවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතුවලට සිය සහයෝගය ලබාදීමට විපක්‍ෂනායකවරයා ද පොරොන්දු වූ බවත් හේෂා විතානගේ මහතා වැඩිදුරටත් කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles