Saturday, September 21, 2024

හිටපු මැති ඇමැති 30කට මාස 15ක් තිස්සේ මහජන මුදලින් ප්‍රභූ ආරක්ෂාව – ඉරිදා ලංකාදීප වාර්තා කරයි

පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරුන්ට, හිටපු මන්ත්‍රීවරුන්ට අමතරව ,හිටපු ආණ්ඩුකාරවරුන් පිරිසකටද මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වේ .

ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී පරාජයට පත්වූ මෙම මැති ඇමැතිවරුන් පිරිසට ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනා බැගින් ලබා දී ඇති අතර, එම පිරිස ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් අය බවද දැනගන්නට ඇත.

මේ අතර, නගර සභාවක හිටපු සභාපතිවරයකුටද වසර කිහිපයක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබාදී ඇති අතර, ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනා ඉවත් කර ඇත්තේ පසුගිය සතියේ බවද දැනගන්නට තිබේ.

හිටපු මැති ඇමතිවරුන්ට මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී ද මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධය පළවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් වෙි.

හිටපු මැති ඇමතිවරුන්ට මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී ද මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධය පළවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles