හිර කල සිසුන් වහා නිදහස් කරන්න – ජවිපෙ ආණ්ඩුවෙන් ඉල්ලයි

0
345

අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු සියලුම සිසුන් වහා නිදහස් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට බල කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි දේශපාලන මණ්ඩලය සඳහන් කළේ සාමකාමී හා සාධාරණ ශිෂ්‍ය උද්ඝෝෂණවලට පහරදෙමින් ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගෙන ආණ්ඩුව සිදුකරන මෙම මර්දනකාරී පිළිවෙත තරයේ හෙළා දකින බවයි.

පසුගිය ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ වනවිට ශී‍්‍ර ලංකාවේ නිදහස් අධ්‍යාපනය ක‍්‍රමයෙන් කප්පාදු වෙමින් පවතිනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඊට හොඳම උදාහරණයයි. නිදහස් අධ්‍යාපනය අහෝසි නොකරන ලෙසට මේ වනවිටත් විශ්ව විද්‍යාල සිසුන් විවිධ විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා. යනුවෙන්ද එම නිවේදනයේ සඳහන්.

ගැටළුවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට ශිෂ්‍ය අරගල මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. එම නිසා වත්මන් ශිෂ්‍ය පරපුර මුහුණදී සිටින ගැටලු පොදු සමාජ ගැටළු ලෙස සලකා අධ්‍යාපනයේ අයිතීන් ආරක්‍ෂා කර ගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here