Monday, November 18, 2024

හිස් වූ රාජ්‍ය ඇමති ධූරයට ලොහාන් පත් වෙයි

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීය. ඒ ජනාධිපති කාර්යාලයේ දීයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට වන ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ගාමිණී සෙනෙරත්ගේ අත්සනින් යුතුව ඊයේ නිකුත් කර තිබු අතර පෙරේදා (8) ඔහු ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දෙනු ලැබුවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles