Thursday, September 19, 2024

හෙටත් නෑ ගෑස්! ගුවන් යානා ඉන්ධනත් මදි!

කොලොන්නාව නිමාව, ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය මගින් ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 1200 ක් දෛනිකව කටුනායක ගුවන් තොටුපළ වෙත ලබාදෙනවා. ඒ අනුව එම ඉන්ධන තොග කොලොන්නාවේ සිට කටුනායක ගුවන් තොටුපළ දක්වා ප්‍රවාහනය කරන්නේ ඉන්ධන ප්‍රවාහන දුම්රියෙන් හෝ බවුසර් රථ මගින්. 

මෙම ඉන්ධන ගනුදෙනුවේදී ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට සේවා ගාස්තුවක් හිමිවන අතර ගුවන් යානා ඉන්ධන අලෙවි කිරීමෙන් කටුනායක ගුවන් තොටුපලට ඩොලර් හිමිවනවා. කෙසේවෙතත් දැනට පවතින තත්ත්වය අනුව ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය මගින් මේවනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත දෛනිකව ලබාදෙන්නේ ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 600 ක පමණ ප්‍රමාණයක්. 

එලෙස හිමිවන ගුවන් යානා ඉන්ධන, ලීටරයක් අමෙරිකානු ඩොලර් 3 යි 59 බැගින් වන මුදලකට අලෙවි කරනු ලබනවා. ගුවන් යානා වැඩි ප්‍රමාණයක් ගුවන් තොටුපළ වෙත ලගාවන කාලසීමාවේදී ගුවන් තොටුපළ විසින් දිනකට අලෙවි කරන උපරිම ගුවන් යානා ඉන්ධන ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 1200 ක්. නමුත් මේ දිනවල ගුවන් තොටුපළ මගින් ගුවන් යානා සඳහා දෛනිකව නිකුත් කරන්නේ ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 700 ක් පමණ ප්‍රමාණයක්. 

කෙසේවෙතත් පවතින තත්ත්වය අනුව ලබන මස 10 වනදා තෙක් ගුවන් යානා සඳහා දෛනිකව ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 400 ක් අලෙවි කළ හැකි බවයි කටුනායක ගුවන් තොටුපළ පවසන්නේ. 

ඒ සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත මුදාහැරිය හැකි තවත් ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 4200 ක ප්‍රමාණයක් සිය සමාගම සතු බව ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කළා.  එලෙසම හෙටත් ගෑස් තොග බෙදාහැරීමට හැකියාවක් නැති බව ලිට්රෝ සමාගම නිවේදනය කළා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles