හෙටින් ඇරඹෙන ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් සමන් දේවාභරණ වැඩම කරවීමේ රථ පෙරහර ආරම්භ වෙයි

0
286

හෙට (18) දින උඳුවප් පෝ දිනයෙන් ආරම්භ වන ශ්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් පැල්මඩුල්ල – ගලපොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ඇතුලු පූජා භාණ්ඩ වැඩම කරවීමේ පුණ්‍යොත්සවයේ රථ පෙරහර අද (17) අලුයම ආරම්භ වුණා.

රථ පෙරහැර බදුල්ල – රත්නපුර මාර්ගයේ පැල්මඩුල්ලේ සිට රත්නපුර නව නගරය දක්වා ගමන් කර නැවත එම මාර්ගයේම රත්නපුර මහ සමන් දේවාලය දක්වා ගමන් කිරිමට නියමිතය.

බැතිමතුන් පූජා පැවැත්වීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට අවහිරතාවක් ඇතිවිය හැකි බව පොලීසිය සඳහන් කළා.

මේ නිසා, මෙම කාලය තුළ පැල්මඩුල්ලේ සිට රත්නපුර නව නගරය, රත්නපුර – පානදුර මාර්ගය හරහා සමන් දේවාලය දක්වා වන මාර්ගය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙසයි, පොලිසිය රියදුරන්ගේ ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here