හෙට ඡන්දයක් තිබ්බොත් අපි පරාදයි – ශෂීන්ද්‍ර

0
415

පෙරේදා (23) දින ලොග්ගල් ඔය ප්‍රදේශයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාවන් සදහා ප්‍රථම කාබනික පොහොර තොගය නිකුත් කරමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මෙසේ පැවැසීය.

“කිසිම මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලන නායකයෙක් නොගන්න ආකාරයේ තීන්දුවත් තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්තේ. මේක පැහැදිලිව කියන්න ඕන හෙට ඡන්දයක් තිබ්බොත් අපි පරාදයි.
වස විෂ කාලා මිනිස්සු මැරුනත් කමක් නෑ මගේ ඡන්දය මම දිනනවා කියන මතයේ ඉදගෙන නෙවෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ තීරණය ගත්තේ.

එහෙම තීරණයක් ගන්න පුළුවන් නායකයෝ හරි අඩුයි. බැනුම් අහන එක අපේ පවුලේ සාමාන්‍ය දෙයක් බවට දැන් පත් වෙලා තියෙන්නෙ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේනම් හරි වැඩේ නම් මොනතරම් අවලාද අපිට ආවත් අපේ ගම්න අපි අනිවාර්යෙන්ම යනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here