අද දකුණු පළාතට පැය තුනකුත් අනෙක් පළාත්වලට පැයක් විදුලිය කපයි

0
303

හෙට (21) පෙරවරු 08.30 ත් රාත්‍රී 07.30 ත් අතර කාලයේදී දකුණු පළාතේ හැර අනෙකුත් ප්‍රදේශවල පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර දී තිබෙනවා.

දකුණු පළාතේ පමණක් පෙරවරු 08.30 ත් පස්වරු 04.30 අතර කාලයේදී පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි කොමිසම කියා සිටියේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් අනුව මේ සඳහා අවසර දුන් බවද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

කෙසේවෙතත් දකුණු පළාතට පමණක් හෙට (21) දිනයේදී පැය එහමාරක පමණ විදුළි කප්පාදුවක් සිදුවිය හැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පස්වරුවේ නවේදනය කළේය.

දකුණු පළාතට විදුලිය සපයන ජලාශ කිහිපයක ජල සංචිත සීග්‍රයෙන් පහළ බැසීමක් නීරික්ෂණය වීම ඊට හේතුව ලෙස සඳහන් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here