Monday, September 23, 2024

හෙට දිනයේ සිට ලබන 30 දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්⁣ගෝපදේශ මාලාවක් නිකුත් කරයි

හෙට (16) සිට ලබන 30 වැනිදා දක්වා
ක්‍රියාත්මක කළ යුතු සංශෝධිත සෞඛ්‍ය
මාර්ගෝපදේශ මාලාවක් අධ්‍යක්ෂ
ජනරාල්වරයාගේ අත්සනින් අද (15) නිකුත් කර තිබේ.

කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිසි බලධාරීයාගෙන් ලබා ගන්නා
අවසරයකින් තොරව නව රෙගුලාසිවලට
අනුව මහජන ඒකරාශී වීම්,රැස්වීම් හා
උත්සව සඳහා නැවත දැනුම් දෙන තුරු
අවසර හිමි නොවන අතර පෞද්ගලික
ඒකරාශීවීම් වලදී ශාලාවක ධාරිතාවෙන්
තුනෙන් එකකට අවසර හිමි වුවත් එය
පුද්ගලයින් 100 නොඉක්මවිය යුතුය.

පෞද්ගලික නිවසක නම් රැස්විය හැකි
උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 10ක් වේ.

එළිමහන් පෞද්ගලික ඒකරාශී වීම් සඳහා අවසර ලබා දී නැත.

නව මාර්ගෝපදේශවලට අනුව කටයුතු
නොකරන පුද්ගලයින් හා ආයතනවලට
එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එහි දැක්වේ.

ආගමික ස්ථානවල තනි තනිව වැඳුම්
පිදුම් කිරීමට අවසර හිමි අතර විශේෂ
උත්සව,යාඥා මෙහෙයන් සෞඛ්‍ය
අමාත්‍යංශය නිකුත් කළ නව
මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කළ
යුතු වේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය
පෙළ හා උසස් පෙළ පන්ති
සඳහාඋපකාරක පන්ති 50% ක
පමණක් ධාරිතාවයකින් පවත්වා ගෙන යාමට අවසර ලබා දී තිබෙි.

අවමංගල්‍ය උත්සව සිරුර මුදා හැර පැය
24 ක් ඇතුළත සිදුකළ යුතු අතර එක්
වරකට සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව
20 ක් ලෙස දක්වා තිබේ.

විවාහ මංගල උත්සව සඳහා සියයට
නොවැඩි පිරිසකට සහභාගි විය හැකි
අතර එළිමහන් මංගල සාද සඳහා 150
කට සහභාගි විය හැකියි. එහෙත්
මත්පැන් භාවිතය සඳහා අවසර හිමි
නොවේ.

නරඹන්නන් නොමැතිව ක්‍රිඩා
ක්‍රියාකාරකම් සඳහා අවසර හිමිව ඇති
අතර සිනමා හල් හා රංග ශාලා සියයට 50 ක ධාරිතාවයෙන් පවත්වාගෙන යාමට අවසර හිමිව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles