හෙට මහා වැඩවර්ජනයක්…!

0
413
strike

ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනය ජාතික විරෝධතා දිනයක් බවට නම් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. 

ඒ අනුව, වෘත්තීය සමිති සියයකට අධික ප්‍රමාණයක් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට ඒකරාශී වෙමින් සිටින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වමිල් විජේසිංහ පැවසුවේ. 

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් හෙට (01) දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, තෙල්, විදුලි, බැංකු, ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගැනීමට නොහැකිවීම තුළ මහජනයාට ඇතිවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසන්නේ.

එම එක්දින වැඩවර්ජනයෙන් පසු අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here