Tuesday, September 24, 2024

හෙට සිට කෝච්චි දුවන්නේ තේරුමක් ඇතිවද ? 

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හෙට සිට දුම්රිය ගමන්වාර 120කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය කිරීමට සූදානම් වුවද, දුම්රිය ධාවන ක්‍රමවේදය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ මඟී ජනතාව නිසි ලෙස දැනුවත්ව නොමැති බව පැහැදිලි වේ.


දුම්රිය දෙපාර්තමේන්තු නිවේදනයට අනුව හෙට දින සිට ඉදිරියට දුම්රියෙන් ගමන් කළ හැක්කේ, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත් මඟීන්ට පමණි. මෙම මාසයේ මුලදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් නොකළ අතර,අවසාන වරට වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කලේ 2021 අගෝස්තු මාසයේය. ඒ අනුව 2021 අගෝස්තු මාසයේ ත්‍රෛමාසික දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත් අයට පමණක් හෙට සිට දුම්රියෙන් ගමන් කළ හැකි වනු ඇති අතර, ඒ පිරිස සීමිත සංඛ්‍යාවක් පමණක් වනු ඇතඒ අනුව මාසික වාරප්‍රවේහපත් ලබාගන්නා බොහෝ රාජ්‍ය සේවකයින්ට හෙට සිට දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව නොලැබෙනු ඇත.


නමුත් පෙරවරු සහ පස්වරු කාර්යාල දුම්රිය වලට අමතරව, ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දහවල් දුම්රියද ධාවනය වන අතර, එවැනි දුම්රිය වල ගමන් ගැනීමට නියමිතව ඇති සාමාන්‍ය මඟීන් සහ පාසැල් සිසුන් සාමාන්‍යයෙන් වාරප්‍රවේශපත්‍ර ලබා නොගන්නා පිරිස් නිසා ඔවුන් දුම්රියපොළේදී අසීරු තත්වයන්ට මුහුණ දෙනු ඇත.

ප්‍රධාන දුම්රිය ස්ථාන වල හැර සෙසු උප දුම්රිය ස්ථාන වල පිරිස් පාලනයට විධිමත් හැකියාවක් නොමැති නිසා, ප්‍රවේශපත් රහිතව මඟීන් දුම්රියට ඇතුළුවීම නිසා දුම්රිය ධාවනයෙන් නිසි ආදායම ලබාගැනීමටද දෙපාර්තමේන්තුවට නොහැකි වනු ඇත. විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය ගැටලු සහගත තත්වයක පවතින මෙවන් අවස්ථාවක දුම්රිය බලධාරීන් මීයට වඩා අවධානයෙන් කටයුතු කළ යුතුව ඇත.


මේ ගැන සලකා බලා දුම්රිය ධාවනය සිදුවන්නේ නම්,ප්‍රවේශපත් නිකුත්කිරීම ආරම්භ කළ යුතු ව ඇත. එසේම පළාත තුළ ගමන් බිමන් යාමට සීමා පනවා නොමැති බැවින් සාමාන්‍ය මඟියාට ප්‍රවේශපත් නිකුත්කිරීම නීති විරෝධි ක්‍රියාවක් ලෙස සැළකිය නොහැක. දුම්රිය බලධාරීන් අවසර ලබා දෙන්නේ නම් තමන් ප්‍රවේශ පත් නිකුත් කර සාමාන්‍ය ජනයාට දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලබාදීමට තම සංගමය සූදානම් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රකාශකයෙකු CIA වෙත පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles