හෙට (5) සිට සම්බා කිලෝව රුපියල් 128 කට අලෙවි කරන්න තමා නියෝග කළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
සම්බා කිලෝව අලෙවි වන්නේ රුපියල් 130 ට බවද ඔහු කියයි.
තමාට දෙන ඕනෑම අමාත්‍යාංශයක කටයුතු කිරීමට සූදානම් බවත් වැඩි වැඩියෙන් බැනුම් අහන අමාත්‍යාංශයක් වේ නම් එයට වඩාත් කැමති බවත් ඔහු පැවසුවේ මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.